කෘත්‍රි​ම බුද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ ජූලි 24 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “කෘත්‍රි​ම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.