කුරුමිණි හානි නිසා ගලෙන්බිඳුණුවැව පොල් වගාකරුවන් අපහසුතාවයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල් වගාවට හානි කරන පොල් කුරුමිණි උවදුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ පොල් වගාකරුවන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

වගාකරුවන් පවසන්නේ මෙම කුරුමිණි උවදුර නිසා මේ වන විට විශාල පොල් ගස් ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති බවයි.මෙම කුරුමිණි උවදුර මර්ධනය කරගැනීමට එම වගාකරුවන් විවිධ මර්ධන ක්‍රම භාවිතා කළත් මෙම උවදුර මර්ධනය නොවන බව එම වගාකරුවන් පවසයි.

එම නිසා ඔවුන් ඉල්ලාසිටින්නේ මේ සදහා වගකිවයුතු බළදාරීන්ගෙන් මෙම උවදුර මර්ධනය කරගැනීම සදහා අවශ්‍යය විසදුම් ලබාදෙන ලෙසයි.

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය