අම්බානි පවුලේ සුපිරි මංගල්‍යයට නාමල් සහ මහේල

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යයට ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් සහභාගී වීමද විශේෂත්වයකි.

ආසියාවේ ධනවතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ මේ විවාහයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ ඇත.

ඒ, නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන කරන මහේල ජයවර්ධනටයි.

රෙස්ලිං ක්‍රීඩාවෙන් ලොව අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා ද මෙම විවාහ මංගල්‍යයට සහභාගී වීම විශේෂත්වයකි.

විවාහා මංගල්‍ය වෙනුවෙන් හොලිවුඩ් සුපිරි තරු, ගෝලීය ව්‍යාපාරික නායකයින් සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනෙකු ඇතුළු ‘සුපිරි‘ ආරාධිතයින් රැසක් සහභාගී වන අතර පසුගිය සිකුරාදා සිට සදුදා දක්වා මුම්බාහි දී මේ දැවැන්ත විවාහා මංගල්‍ය පැවැත්වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම විවාහ මංගල්‍යය ඉන්දීය රුපියල් කෝටි 5000කට අධික පිරිවැයක් දරා ඇති බවය.

එය අම්බානි පවුලේ ධනයෙන් 0.05%ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.