බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ හදිසි සෝදි­සි­යක්

බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ පෙරේදා (11) රාත්‍රී 10.25 සිට ඊයේ (12) අලු­යම දක්වා බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර හා උප­ක්‍ර­මික බළකා නිල­ධා­රීන් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් සමඟ එක්ව සිදු කළ සෝදිසි මෙහෙ­යු­ම­කදී එම බන්ධ­නා­ගා­රයේ විශේෂ ගණයේ සිර­ක­රු­වන් රඳවා සිටින A වාට්ටුවේ සිර කුටි 5ක තිබි ජංගම දුර­ක­තන 6ක් ඇතුළු උපාංග හා මත්කුඩු පැකට් 2ක් ඇතුළු තහ­නම් ද්‍රව්‍ය රැසක් සොයා­ගෙන ඇත.

බන්ධ­නා­ගාර උප­ක්‍ර­මික බළ­කායේ (බුද්ධි අංශයේ) නිල­ධා­රීන් සහ විශේෂ කාර්ය බළ­කා­යෙහි නිල­ධා­රීන් 70ක පමණ කණ්ඩා­ය­මක් සිර මැදිරි 40කට අධික ප්‍රමා­ණ­යක් පූර්ණ පරී­ක්ෂා­ව­කට ලක් කර ඇති අතර, එහිදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සහ අප­රා­ධ­ක­රු­වන් ලෙස නම් දැරෑ කුඩු සලිඳු, බස් රසික, වෙලේ සුදා, මිදි­ගම චූටි, හයි­බ්‍රිඩ් සුද්දා ඇතුළු පිරි­සක් රඳවා සිටින සිර මැදි­රි­ව­ලින් මේ ජංගම දුර­ක­තන ඇතුළු උපාංග සොයා­ගැ­නී­මට හැකි වූ බව අනා­ව­ර­ණය වේ.

සොයා­ගත් තහ­නම් ද්‍රව්‍ය අතර ජංගම දුර­ක­තන 6ක් (මෙයින් 3ක් Smart Phone වේ. ජංගම දුර­ක­තන 2 ක් හානි වූ ඒවාය) චාජර් 5ක්, ඩේටා කේබල් 4ක් සිම් කාඩ්ප­තක්, Memory Card 4ක්, හෑන්ඩ් ෆ්‍රී 6 (බ්ලුටූත් හෑන්ඩ් ෆ්‍රී 1ක් සමඟ) මත්කුඩු පැකට් 2ක් හා දුම්කො­ළ­යක්ද වන බව බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි. අත්අ­ඩං­ගු­වට ගත් තහ­නම් ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් ඉදිරි විම­ර්ශන කට­යුතු බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන විට සිදු කර­මින් පවතී.