ජනාධිපති Mind Game ගහන්න ගිහින්, 2% ත් නැති කරගන්න තමයි මේ බලන්නේ – එස්.එම්. මරික්කාර්

ජනාධිපතිවරණයේ දින තීන්දු කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබීමට දින 5 ක් පමණ තිබියදී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ පදනම කුමක්දැයි ගැටලු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

එසේ ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, අලුතින් පත්වන ජනමතයක් සහිත ජනාධිපතිවරයෙක් හා පාර්ලිමේන්තුවක් තුළින් එය සිදු කළ හැකි බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා ජන මතයකින් පත් වූ ජනාධිපතිවරයෙක් නොවන බවත්, ඔහුට නිකන් ලැබුණු අවුරුදු 2 අවසන් වූ පසු යළි ඡන්දයක් පැවැත්වීමෙන් හැර වෙනත් ක්‍රමයකින් ධූරයේ සිටීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Mind Game ගැසීම සඳහා ජනාධිපතිවරයා ඉතා දක්ෂ බවත්, නමුත් කුණු වැඩ කිරීමට ගොස් 2% ක් ඇත්නම් එයද නැති කරගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.