දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩවර්ජනයක්!

දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24 ක හදිසි වැඩවර්ජනයක් අරම්භ කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් නොදීමට විරෝධය පළකරමින් මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර ඇති බවයි එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

මේ හේතුවෙන් අද දින ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රියයන් ඇතුලු ගමන් වාර 07 ක් මේ වන විට ගමන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.