වඟා ලිඳෙන් මුදවා ගත් වන අලියා උදව් කළ සැමට ආචාර කරයි

කැබිතිගොල්ලෑව, කිරිකැටුවැව ප්‍රදේශයේ පුද්ගලික වගා භූමියක තිබූ වගා ලිඳකට වැටීසිටි වන අලියෙකු පැය 05 ක පමන මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිතව මුදවා ගෙන වනයට මුදා හැරීමට කහටගස්දිගිලිය වන ජීවි කාර්යාලය අද(08) සමත් වූහ.

ඊයේ(07) රාත්‍රීයේ මෙම වන අලියා වඟා ලිඳට වැටී ඇත.

අඩි 40 ට ආසන්න මෙම වගා ලිඳ බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් හාරා කහටගස්දිගිලිය වන ජීවි කාර්යාල නිලධාරින් , කැබිතිගොල්ලෑව පොලිස් නිලධාරින් සහ ගම්වාසීන් එක්ව මුදවා ගත්හ.

අනතුරුව වඟා ලිඳෙන් ගොඩවූ වන අලියා විනාඩියකට ආසන්න කාලයක් පමණ සියලු දෙනාටම ආචාර කරමින් නිහඩව වනයට පිටත් විය.

අඩි 12 ට ආසන්න උසකින් සමන්විත මෙම වන අලියා නිරන්තරයෙන් ගම් වැදීම් සිදු වන බව ගම්වාසීහු පැවැසූහ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල