බදුල්ල වැලිහිඳ ලොරි රථ­යක් පෙරළී 4ක් මරුට 3 කට බර­ප­ත­ළයි.

බදුල්ල තැන්න­පං­ගුව මාර්ගයේ සොර­ණා­තොට වැලිහිඳ වං­ගුව අස­ලදී ඊයේ (5) දහ­වල් ලොරි­යක් මාර්ගය හරහා පෙරළී යෑමෙන් සිව්දෙ­නකු මිය­ගොස් තිදෙ­නකු බර­ප­තළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ කොන්ත්‍රාත් සමා­ග­මක අයි­ති­ක­රු­වකු වන මොන­රා­ගල හුලං­දාව පිළි­ස­රණ පාර ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි නීල් කුමාර රත්නා­යක (64), මොන­රා­ගල කච්චේ­රිය හන්දියේ එම්.ඩී. ජය­සිංහ (70), මොන­රා­ගල වැල්ල­වාය පාර වෙල්ල­ච්චි­කඩේ පදිං­චිව සිටි තිලක් ගුණ­ව­ර්ධන (35) සහ මොන­රා­ගල හොරො­ම්බුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ක්‍රිෂාන්ත ලක්මාල් (35) යන සිව් දෙනාය. අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ බිබිල මැද­ගම ප්‍රදේ­ශයේ යුද හමුදා සෙබ­ළෙක් සහ තවත් දෙදෙ­නෙක් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටිති.

පෞද්ග­ලික කොන්ත්‍රාත් සමා­ග­මක් යටතේ බස්රථ නැවතු ඉදි­කි­රී­මක නියුතු මේ සේවක පිරිස රැගත් ලොරි රථය ඊයේ (5) උදෑ­සන මොන­රා­ගල සිට බදු­ල්ලට පැමිණ, බදුල්ල තැන්න­පං­ගුව ප්‍රදේ­ශයේ බස්රථ නැව­තු­ම්පො­ළක් සවි කිරී­මට ගොස් මාර්ග අප­හ­සු­තාව නිසා ආපසු හර­වා­ගෙන මොන­රා­ගල යෑමට බදුල්ල නග­ර­යට එන අත­ර­තු­රේදී මාර්ගය හරහා පෙරළී යෑමෙන් මේ අන­තුර සිදුව ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය. අන­තුර සිදු වන අව­ස්ථාවේ ලොරිය සමා­ගමේ අයි­ති­කරු විසින් පද­වා­ගෙන පැමිණ ඇති බවත්, අයි­ති­කරු සමඟ ලොරිය තුළ සේව­ක­යන් හය දෙනකු සිට ඇති බවත් අනා­ව­ර­ණය වී ඇත.

අන­තු­රට පත් වීමත් සමඟ ලොරිය පසු­පස යතු­රු­පැ­දි­යක පැමිණි එම සමා­ගමේ තවත් සේව­ක­යන් දෙදෙ­නකු වහා අන­තු­රට පත් ලොරිය අස­ලට ගොස් අස­ල්වා­සීන්ගේ සහාය ඇතිව ලොරිය තුළ සිර වී සිටි පිරිස පිට­තට ගෙන ත්‍රිරෝද රථ­යක සහ ලොරි­යක පට­වා­ගෙන බදුල්ල ශික්ෂණ රෝහල වෙත ගෙන ඇත. බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය පාලිත රාජ­පක්ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ලය දැඩි වෙහෙ­සක් දර­මින් තුවා­ල­ක­රු­වන්ගේ ජීවිත බේරා­ගැ­නී­මට මහත් උත්ස­හ­යක් ගත්හ.

ලොරිය පිටු­ප­සින් යතු­රු­පැ­දි­යක පැමිණි කොන්ත්‍රාත් සමා­ගමේ සේව­ක­යකු වන කුඹු­ක්කන හොරො­ම්බුව පේර­මං­ඩිය ප්‍රදේ­ශයේ පදිංචි එච්.එම්. ආනන්ද (43) සිද්ධිය විස්තර කළේ මේ අයු­රිනි:

“අපි උදේ 8.30ට විතර මොන­රා­ගල ඉඳන් ලොරියේ බදුල්ල ආවා. අපි වැඩ කරන්නේ මේ කොන්ත්‍රාත් සමා­ගමේ නීල් කුමාර රත්නා­යක මහ­ත්තයා ළඟ. අපි කොන්ත්‍රාත් ක්‍රම­යට බස් රථ නැව­තු­ම්පො­ළ­වල් හද­නවා. අපි උදේ බදුල්ල නග­ර­යට ඇවිත් දුම්රි­ය­පොළ පාරේ බස් රථ නැව­තු­ම්පො­ළක් හදන්න ගියා. අපි යන­කොට ඒක හදලා. පසුව අයි­ති­කාර නීල් මහ­ත්තයා කිවුවා ‘බලන්න, ඒ වැඩේ කරලා. අපිට එක්කෝ කලින් කියන්න ඕනි’ කියලා. පස්සේ ‘බදුල්ල තැන්න­පං­ගුව පාරෙ වැඩක් තියෙ­නවා. ඒක බලන්න යමු’ කියලා ගියා. මම තව කෙනෙක් එක්ක යතු­රු­පැ­දි­යක ගියේ. අපි දෙන්නාට කලින් එම තැනට යන්න කිවුවා. මහ­ත්තයා ලොරිය පද­වා­ගෙන අනිත් අය එක්ක ආවා. පස්සෙ මහ­ත්තයා ටික දුරක් ගිහින් මේ පාරේ ලොරිය යන්න අමා­රුයි. කන්ද සැර වැඩී. අපි හර­වා­ගෙන යමු’ කියලා ලොරිය හර­වා­ගෙන ආයෙත් බදුල්ල නග­ර­යට එන්න ආවා. මමම අනිත් කෙනා එක්ක ලොරිය පිටු­ප­සින් යතු­රු­පැ­දිය පද­වා­ගෙන ආවා. කිලෝ­මී­ට­ර­යක් විතර දුර යන­කොට ලොරිය මාර්ගය පුරා හැම තැනම පල්ලමේ වේග­යෙන් යනවා දැක්කා.අප­ටත් හිතා­ගන්න බැරි වුණා. ඒ එක්කම පල්ලමේ වේග­යෙන් ගිය ලොරිය වංගුව ළඟදී පාර හරහා පෙර­ළිලා ගියා. මම යතු­රු­පැ­දිය නව­ත්තලා අනිත් එක්කෙනා එක්ක ගිහින් අස­ල්වා­සීන්ගේ උද­වු­වෙන් ලොරියෙ දොර­වල් කඩලා හිර වෙලා හිටපු අය උඩට අරන් ත්‍රීවීල් එක­කයි වෙනත් ලොරි­ය­කයි දාගෙන බදුල්ල ඉස්පි­රි­තා­ලෙට යැවුවා. මොනා­වත් හිතා­ගන්න බැහැ.”

අන­තු­රින් ලොරි රථ­යට දැඩි ලෙස අලා­භ­හානි වී තිබේ. තුවා­ල­ක­රු­වන්ගේ තත්ත්ව­යද බර­ප­තළ බව රෝහලේ ආරංචි මාර්ග කීය.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත පොලිස් අධි­කාරි බුද්ධික ගුණ­සේ­කර මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත, බදුල්ල මූල­ස්ථාන (ප්‍ර.පො.ප) ටී.එම්. රත්නා­යක රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති (උ.පො.ප) ඒ.වී. අනුර, (පො.සැ) 54138 පීරිස්, 43056 වික්‍ර­ම­රත්න, 44355 රාජේ­ස්ව­රන්, 54138 සුජිත් මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරි­ක්ෂණ පව­ත්වති.