ජනාධිපති ධුරයේ කාල සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 5 සහ 6 යනුවෙන් පැවතීම නිරාකරණය කිරීමට කැබිනට් යෝජනාවක්

ජනාධිපති ධුරයේ කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ස්ථානයක අවුරුදු 5 ක් ලෙසත් අනෙක් ස්ථානයේ අවුරුදු 6 ක් ලෙසත් පැවතීම හේතුවෙන් එය නිරාකරණය කර ගැනීම සඳහා මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඉන් අනතුරුව ඊට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවද පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.