ඉන්දියාවේ ලෝක ශූර­යන් පිළි­ගැ­නීමේ උත්ස­ව­යේදී තෙරපී තුවාල වූ රසි­ක­යන් 10ක් රෝහ­ලට

විස්සයි20 ලෝක කුස­ලා­නය දිනා සිය රටට පැමිණි ඉන්දීය කණ්ඩා­යම පිළි­ගැ­නීමේ උත්සව මාලාව නව­දිල්ලි හා මුම්බායි නග­ර­ව­ලදී පැය 16ක් පුරා පැවැ­ත්වෙයි. 2007 වසරේ පළමු විස්සයි20 ලෝක කුස­ලා­නය දිනා­ගත් ඉන්දීය කණ්ඩා­යම දෙවැනි වර­ටත් එම කුස­ලා­නය දිනා ආපසු පැමි­ණීම ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට විශාල ආශ්වා­ද­යක් වූ බැවින් දිල්ලි ගුව­න්තො­ටු­පොළේ සිට මුම්බායි වන්කඩේ ක්‍රීඩාං­ග­ණය දක්වා ලක්ෂ ගණ­නින් ජන­තාව රැස්ව සිටි­යහ.

ඉන්දීය ක්‍රීඩ­කයෝ සැම­රුම් උත්ස­ව­යේදී නර්ත­න­යක

ඉන්දීය ක්‍රීඩ­කයෝ සැම­රුම් උත්ස­ව­යේදී නර්ත­න­යක

වසර 17ක් පුරා විස්සයි20 ලෝක කුස­ලා­නය දෙස බලා සිටි ඉන්දීය ක්‍රීඩා­ලෝ­ලීන් තම ප්‍රිය­තම තරු පිළි­ගැ­නී­මට දිල්ලි සිට මුම්බායි දක්වා වීදි බැස සිටි­යහ. මුම්බායි මැරීන් ඩ්‍රයිව් සිට වන්කඩේ ක්‍රීඩාං­ග­ණය දක්වා විවෘත බස් රථ­ය­කින් ඉන්දීය පිල පැමිණි අතර, වර්ෂාව මැද පැය 6ක් ක්‍රීඩා­ලෝ­ලීන්ට බලා සිටී­මට සිදු විය. මුම්බායි ජය­ග්‍රාහී පෙළ­පා­ළිය පැය 2ක් පැවති අතර, ලක්ෂ 3කට අධික පිරි­සක් සිටි බව විදෙස් වාර්තා සඳ­හන් කළේය.

අධික පිරි­සක් රැස්ව සිටි හෙයින් ක්‍රීඩා­ලෝ­ලීන් තද­බ­ද­යට ලක්වී අප­හ­සුතා ඇති වූ බව ඉන්දීය වාර්තා සඳ­හන් කළේය. ඇතැ­මුන්ට තුවාල ද සිදු විය. මුම්බායි පොලි­සිය පැව­සුවේ රසි­ක­යන් 10ක් ප්‍රති­කාර සඳහා රෝහ­ල්ගත කර ඇති අතර, ඉන් දෙදෙ­නෙ­කු­ගෙන් එක් අයෙක්ගේ අස්ථි බිඳී­මක් හා අනෙක් පුද්ග­ලයා හුස්ම ගැනීමේ අප­හ­සු­තා­ව­යෙන් පෙළී ඇත.

හර්දික් පාණ්ඩ්‍යා

හර්දික් පාණ්ඩ්‍යා

වන්කඩේ පිටියේ පැවති පිළි­ගැ­නීමේ උත්ස­ව­යේදී ඉන්දීය පුහු­ණු­කරු රාහුල් ඩ්‍රාවිඩ් පැව­සුවේ “මේ කොල්ලෝ කරලා තියෙන්නේ ඇද­හිය නොහැකි දෙයක්. වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඔරොත්තු දීමේ හැකි­යාව ඔවුන් තුළ තිබුණා. මට මේ ආද­රය ඉදි­රි­යේදී මඟ හැරේවි” යනු­වෙනි.

“ඔබ සැමට ස්තූතියි. අපි ඉන්දි­යා­වට පැමිණි වේලාවේ සිට අපූරු පිළි­ගැ­නී­මක් තිබුණා. මේ කුස­ලා­නය මුළු රට­ටම අයිති එකක්” හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම අගය කළ රෝහිත් ෂර්මා ඔහුට ආචාර කරන ලෙස ඉල්ලී­මක් ද කළේය. ඒ සම­ඟම ජන­තාව ‘හර්දික්.. හර්දික්’ ලෙස මහ හඬින් සටන් පාඨ කීහ.

ජස්ප්‍රිත් බුම්රා පැව­සුවේ කිසිම ක්‍රිකට් තර­ග­ය­කින් පසු තමන් කඳුළු සලා නැති වුවද මේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු තම ඇස්ව­ලින් දෙතුන් වතා­වක් කඳුළු ආ බවය.

“රෝහිත් පඩි­පෙළ මත සිටින විට මගේ සහ ඔහුගේ ඇස්වල කඳුළු ආවා. ඔහු මෙත­රම් හැඟී­ම්බ­රව සිටිනු මා දුටු පළමු අව­ස්ථා­වයි. අපි 2011 ලෝක කුස­ලා­නය දිනන විට සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩ­ක­යන් හැඟී­ම්බර වූවා” විරාත් කෝලි පැව­සීය.