කතරගම පාද යාත්‍රාවට යුද හමුදා සහාය මෙවරත්

හින්දු භක්තියන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන කතරගම දෙවියන් පිදිමේ පාද යාත්‍රාව කුමන ජාතික වන උද්‍යානයේ ඔකඳ දේවාලය අසලින් පසුගියදා ආරම්භ විය.

මෙම පාද යාත්‍රාව කිලෝමිටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ලබයි. වාර්ෂිකව සිදුකරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වේ.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යුද හමුදාව වෙතින් අවශ්‍ය පහසුකම් සැලසිම මෙවරත් සිදුකරනු ලබයි.

එහිදි ගමන් ගන්නා භක්තිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති අතර, මිට අමතරව පාද යාත්‍රාවේ ගමන් ගන්නා සියලු දෙනාගේ පහසුව සඳහා ජල සහ සෞඛ්‍ය පහසුකම් ලබාදිමේ කටයුතු සඳහාද යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු සිදුකර ඇත.