අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ගේ මැතිතුමාගේ දේහය අද පාර්ලිමේන්තුවට

හිටපු විපක්ෂ නායකවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දේහය අද පස්වරු 02.00 සිට 04.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

ආර්. සම්පන්දන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලට දැනුම්දී තිබෙනවා.