ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ.