ගසාගෙන ආ ලී කොටයක් වැදීම නිසා මුහුදේ දියනාමින් සිටි තරුණයා මරුට

පානදුර මුහුදේ දියනාමින් සිටී පුද්ගලයකු ගසාගෙන ආ ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි  පුද්ගලයෙකි.

මෙම මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.