හිරුණිකා අභියාචනයක් ඉදිරිපත් කරයි

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ඉල්ලීම ලබන 4 වනදා කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.