සංචාරකයින් මිලියනයක් 2024 වසරේ මේ දක්වා පැමිණෙයි

මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙරටට පැමිණි මිලියනය වැනි සංචාරකයා වූයේ යර්ලන්තයේ පෝල් සහ පැට්‍රීෂියා රෝයි යන සංචාරක යුවල බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව පසුගිය දා ඔවුන්ව පිළිගැනීමට කටයුතු කර තිබුණා.