මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වෙන්නේ.