මහනුවර අධිකරණයේ බෝම්බ ඇති බවට බොරු ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ දුරකථනය ඔහු සන්තකයේ තිබී නොමැති අත​ර එම දුරකථනය ඊයේ (01) දහවල් අස්ථානගත වූ බවත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.