ආණ්ඩුවේ ඉන්නේ තමන් ගැන පමණක් සිතන පීඩිත ජන­තාව ගැන නොසි­තන පිරි­සක් – මන්ත්‍රී මුජි­බර් රහු­මාන්

ජන­තාව අසී­රු­වෙන් ජීවත් වන මොහො­තක ඒ පිළි­බ­ඳව නොසිතා තමන්ගේ ආදා­යම් මාර්ග ගැන පම­ණක් සිතන පිරි­සක් ආණ්ඩුවේ සිටින බව පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා පැවැ­සීය.

මන්ත්‍රී­ව­රයා මේ බව පැවැ­සුවේ ඊයේ (01) කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“බදු ගෙවීම පැහැර හැරීම නිසා බිලි­යන 1860ක්, වැට් බද්ද පැහැර හැරීම නිසා බිලි­යන 678ක්, 2023 බදු සහන දීම නිසා බිලි­යන 972ක් රටට අහිමි වෙලා තිබෙ­නවා. ඒ අනුව රටට ලැබිය යුතු මුළු මුදල රුපි­යල් බිලි­යන 2716ක්. මේ බදු ප්‍රමා­ණය අය කර ගන්න රජ­යට කිසිදු වැඩ­පි­ළි­වෙ­ළක් නෑ. සීනි බදු වංචාව රුපි­යල් බිලි­යන 15,000කට වඩා වැඩියි. මේ මුදල් අය කර ගැනී­මට රජ­යට කිසිදු වැඩ­පි­ළි­වෙ­ළක් නෑ. නමුත් ආණ්ඩුව වැඩ කරන ජන­තාව ගෙවන සියලු බදු වගේම විදුලි බිල, ජල බිල, ගෑස් මිල වැඩි කර සමාන්‍ය ජන­තාව පීඩා­වට පත් කර රාජ්‍ය ආදා­යම වැඩි කරන්න කට­යුතු කර­නවා. නමුත් මැති ඇමැ­ති­ව­රුන් දූෂිත ගනු­දෙනු කර­මින් වැඩ කරන ජන­තා­වගේ මුදල් මංකො­ල්ල­ක­නවා. මේ වංචා දූෂණ නතර කරන්න ආණ්ඩු­වට කිසිදු වැඩ­පි­ළි­වෙ­ළක් නෑ. රටේ ජන­තාව අසී­රු­වෙන් ජීව­ත්වන මොහො­තක ඒ ගැන නොසිතා තමන්ගේ ආදා­යම ගැන පම­ණක් හිතන ආණ්ඩු­වක් තමයි වර්ත­මා­නයේ තිබෙන්නේ.

වැඩ කරන ජන­තා­වගේ බදු මුද­ල්ව­ලින් අධ්‍යා­ප­නය ලබා රටට සේවය කරන විද්‍යා­ඥ­යන් සිටින්නේ සමඟි ජන බල­වේ­ගය සම­ඟයි. ජාතික ජන බල­වේ­ගය සංවි­ධාන කළ සමු­ළු­වට එන විද්‍යා­ඥ­යන් දේශ­නය ඉවර කර නැවත විදෙ­ස්ගත වෙනවා. ඒ වගේ විද්‍යා­ඥ­යන් පිරි­සක් ගෝඨා­භය රාජ­පක්ෂ බල­යට ගේන්නත් කට­යුතු කළා. අව­සා­නයේ ඒ ආ විද්‍යා­ඥ­යන් පිරිස ඔවුන් පදිංචි රට­ව­ලට ගියා. මෙරට ජන­තාව ඉන්ධන, ගෑස් පෝලි­ම්වල හිටියා. ලංකා­වේම ඉගෙ­න­ගෙන ලංකාවේ පදිංචි වෙලා ලංකාව ගොඩ­ගන්න වෑයම් කරන විද්‍යා­ඥ­යන් පිරි­සක් සමඟි ජන බල­වේ­ගය සමඟ එකතු වෙලා සිටි­නවා. ඒ ගැන සමඟි ජන බල­වේ­ග­යට ආඩ­ම්බ­රයි. ඔවුන් තමයි ඇත්ත දේශ­ප්‍රේ­මීන්. ලංකා­වේම ඉගෙ­න­ගෙන ලංකාවේ සේවය කරන විද්‍යා­ඥ­යන් කව­දා­වත් රට දාලා යන්නේ නෑ. ඔවුන් රට ගොඩ­ගන්න සමඟි ජන බල­වේ­ගය සමඟ එකතු වෙලා සිටි­නවා.”