අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශීය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය සාර්ථක කර ගත්තා – ජනපති

2023 වසරේදී මෙරට මූල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ තැන්පත්කරුවන් අවදානමට ලක් නොවන ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය සාර්ථකව අවසන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවර අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශීය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය සාර්ථක කර ගත් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

අමෙරිකානු ඩොලර් බිලියන 14.7ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා මේ වන විට  සාර්ථක අන්දමින් පැවැත්වෙන බවත් එම සියලු කාර්යයන් නුදුරේදීම නිම කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳ සියලු ගිවිසුම් හා ලියවිලි තමන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන බවත් ඉන්පසුව ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.