IOC ඉන්ධන මිල අඩු කෙරේ.

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (‍01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)

* පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)

* සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* ඔටෝ ඩීසල් – (මිල රු.317)

* භූමිතෙල් –  (මිල රු.202)