අක්‍රමවත් සහ නීතිවිරෝධී අයුරින් සංක්‍රමණිකයන්ගේ වර්ධනයක් සිදුවීම හේතුවෙන් අද සිට චීන පුරවැසියන්ට වීසා රහිතව රටට ඇතුළුවීමේ අවස්ථාව අත්හිටුවන බව ඉක්වදෝරය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු අමෙරිකාව, මධ්‍යම අමෙරිකාව හා මෙක්සිකෝව හරහා පා ගමනින් දිගු සංචාරයක යෙදෙමින් පසුගිය කාලය ඇතුළත දහස් සංඛ්‍යාත චීන පුරවැසියන් එක්වදෝරයට ඇතුළු වී ඇතැයි ද, එය එරට සංක්‍රමණිකයන්ගේ අර්බුදය ඉහළ දැමීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දේශසීමා මුර සංචාර සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් එරට නිරිතදිග දේශසීමාවෙන් රටට ඇතුළු වන චීන ජාතිකයන්ගේ ප්‍රමාණය හයදහස ඉක්මවා ගොස් තිබූ බවත්, මේ වසරේ මැයි මාසයේදී එය 3,600ක් ලෙස වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අනවසර සංක්‍රමණිකයන්ගේ වර්ධනය සීමා කිරීම සඳහා මේ වසරේ මුල් භාගයේදී මෙක්සිකෝව ප්‍රධාන දේශසීමාවේ නව මුරපොළවල් පිහිටුවීමට සහ අමෙරිකාවට යෑම සඳහා වැඩිපුර භාවිත කරන දේශසීමා මාර්ගවල මුර සංචාර වැඩි කිරීමට එක්වදෝර රජය පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස නීතිවිරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට එක්වදෝරයට හැකිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.