Month July 2024

මේ දක්වා අපේක්ෂකයින් 6 දෙනෙකුගෙන් ඇප මුදල්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 6 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද (31) දිනයේ දී අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක මහතා මෙලෙස ඇප…

ඉහළ ගිය කොළඹ උද්ධමනය

2024 ජූලි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන…

හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ඉස්මයිල් හනියේ ටෙහෙරානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් ඔහුගේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් එල්ල වන බලපෑම්වලට මුහුණදෙන්න ජනපතිගෙන් කමිටු තුනක්

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු 03ක් පත් කර තිබෙනවා. ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි…

ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය ඊයේ(30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පසුව පවත්වනු ලැබූ අතර, එහි සයවැනි වටය 2020 දෙසැම්බර් මාසයේදී මාර්ගගත ක්‍රමය…

තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීමේ අවසන් දිනය ලබන 5 වැනිදා

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 5 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

කියුබාව “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් තිදෙනෙක් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. අමෙරිකාව 2021 වසරේ…

ජනාධිපතිවරණයේදී ප්‍රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා ඒ අනුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා…