Month June 2024

ජුලි 01 සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර කාලය වසරකින් දීර්ඝ කෙරේ

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. E පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙන…

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 8.00 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.

චීන යානය සඳෙන් පස් අරන් එයි.

සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ‍ ෙමොංගෝලියාවේ කාන්තාරයකට…

ත්‍රිරෝද රථය පදවමින් සිටි පියාගේ ගෙලෙහි ආදරයට දැරියක එල්ලීම හේතුවෙන් රථය විදුලි කණුවක ගැටෙයි !

ත්‍රිරෝද රථය පදවමින් සිටි පියාගේ ගෙලෙහි ආදරයට දැරියක එල්ලීම හේතුවෙන් පියාට ත්‍රිරෝද රථය පාලනය කිරීමට නොහැකිව විදුලි කණුවක ගැටී සිදු වූ අනතුරකින් එම දැරිය මිය ගොස් ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ එම්.ජී. හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නමැති වයස අවුරුදු…

අතුරුගිරිය අන්තර් හුවමාරුවේ කෝටි ගණනක මුදල් වංචාවක්, කැෂියර්ලා 22කගේ වැඩ තහනම් !

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා පැවැසීය.…

අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවැසි නව නීති සකසා අවසන්

අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පවසයි. දින හතරක් පුරා පැවැති කර්මාන්ත ප්‍රදර්ශණයට සමගාමීව ශ්‍රද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ…

කලාවැවේ ඉපැරැණි පිටවානේ අනවසර කැණීම් ගැන සෙවීමට කමිටුවක් පත් කෙරේ

කලාවැවේ ඉපැරැණි   පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම්  සම්බන්ධයෙන් මූලික  විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත  විශේෂ  කමිටුවක්  පත් කළ බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්…

ගාසා යුද්ධය අතරතුර ළමුන් 21000ක් අතුරුදන්

ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන Save the Children ප්‍රකාශ කරයි. ඔවුන් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ, අතුරුදහන් වූ දහස් ගණන් පලස්තීන දරුවන් සුන්බුන් යට සිරවී හෝ ඊශ්‍රායල හමුදා විසින්…

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය

පිරිවෙන් අධ්‍යපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මගින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සැලසුම් කර තිබේ. එමඟින්,පිරිවෙන් අශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි/ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රි ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේශණය හා විශ්ලේෂණයට ඩිජිටල්…

ලංකා-මහජන බැංකුවලින් රාජ්‍ය වියදම්වලට ණය ගැනීම අත්හිටුවයි

රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබේ. රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මේ තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය…