Month June 2024

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…

මෙරට ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානය සැරසෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි. අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු…

දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලයේ කොටසක් කඩා වැටී විශාල අනතුරක්

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (28) උදෑසන ඇති වූ අධික වර්ෂාව සමඟ ඇති වූ සුළං සහිත තත්ත්වය හේතුවෙන් මෙම කඩා වැටීම සිදු වී තිබෙන බව වාර්තා වෙයි.…

මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍යයෙන් වීඩියෝවක් මුදාහැර අපහාස කළ අජිත් ධර්මපාල ගැන වාර්තාවක් දෙන්න –  කොටුව මහේස්ත්‍රාත්.

මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් අපහාස කිරීමේ සිද්ධියට අදාළව දැනට එංගලන්තයේ පදිංචිව සිටින අජිත් ධර්මපාල යන අය එම නමින්ම එංගලන්තයට ගොස් තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර…

බොලීවියාවේ හමුදා කුමන්ත්‍රණය අවසන්, හමුදාපති තනතුරෙන් පහ කරයි.

බොලීවියාවේ ලා පාස් අගනුවර ජනාධිපති මන්දිරයට කඩා වදිමින් එරට හමුදාව රාජ්‍ය බලය අත්කර ගැනීමට සිදු කළ කුමන්ත්‍රණය අවසන් මොහොතේ වළක්වා ගැනීමට එරට ජනාධිපති ලුයිස් ආර්ස් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බොලීවියාවේ හමුදාපති ජෙනරාල් ජුවාන් ජොස් අගනුවර බලය අත්කර…

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston ඇතුළු දූත පිරිසක් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ ඕස්ට්‍රේලියානු රජයේ සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී Lieutenant Colonel Mike Webbe ඇතුළු දූත පිරිසක් ඊයේ  (27)  ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයට පැමිණියහ. මෙම පිරිස ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ…

හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය වැරදිකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය නිකුත්…

මුලින්ම IMF ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ – හර්ෂ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි දෙයක් සමගි ජන බලවේගය කියා…

ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා…

ඇහැළියගොඩ නාය යෑමෙන් නිවාස අටක් යට වෙයි

– පවුල් 48ක් පාසලක රඳවයි– පස් ගැටහැති ඔයට වැටී ගංවතුර අවදානමක් ඇහැළියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ ඊයේ (27) දහවල් සිදුවූ විශාල නාය යෑමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. මෙම නාය යෑම සිදුවූ ප්‍රදේශයේ උදෑසන සිටම…