Month June 2024

නැවතත් වැස්ස වැඩි වෙයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි.…

පොසොන් සමයේ අතිරේක බස් රථ සේවාවක්

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට…

සා. පෙ. ගණිතය නැති නිසා බොහෝ පාසල් එපා කී නමුත්, මොනරාගල දිස්ත්‍රික් ජෛව පද්ධති තාක්ෂණවේද ප්‍රථමයා වූ පුංචි වීරයා.

නිදහස් අධ්‍යාපනය නමට සීමා නොකර ගුරුවරු විසින් ලබාදුන් එක් අවස්ථාවක් නිසා ජීවිතය ජයගත් දරුවෙකු අපට මොනරාගල බුත්තල ප්‍රදේශයෙන් හමුවුණි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස්…

ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් මුදාගත හැකි ප්‍රවේශයක් අවශ්‍යයි – අලි සබ්රි

ICC ලෝක කුසලාන 2023 සහ ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ක්‍රිකට් යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු ඇති බවත් ඒවාට තාවකාලික විසඳුම් ලබා දීමෙන් කිසිදු…

ජෙනරාල් ශවේන්ද්‍ර නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. ඒ අනුව ජූනි මස 01 වැනිදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මකය.

Starlink අනුමැතියට එලෝන් මස්ක් ජනපතිට ප්‍රතිචාර දක්වයි

Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි. එමෙන්ම වේගවත් සහ වඩාත්…

“කුකුල් චමින්ද” බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

අවුරුදු හතරහමාරක් වයසැති දැරියකට බත් කවන අතර වාරයේදී වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන අය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට…

එකවර විවාද දෙකකට දින දෙකක් යොදාගන්න අපි සූදානම් – සජිත් ප්‍රේමදාස

තමන් එකවර විවාද දෙකකට දින දෙකක් යොදා ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නමුත් එක විවාදයකට පැමිණ අනෙක් විවාදයට නොපැමිණ සිටිය නොහැකි බවයි ඊයේ (07) පාසලක පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ. බංකොලොත් වී ඇති රට…

පුරා­ව­ස්තු­වක් හමු වූ බව නොදැ­න්වීම එයට හානි කිරීම-චෝදනා 2ටම STF ඉන්ස්පෙ­ක්ටර් වර­ද­කරු වේ

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් පුරා­ව­ස්තු­වක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇති ලෝහ­මය බුදු පිළි­ම­යක් සොයා­ගැ­නීම පිළි­බ­ඳව අදා‍ළ බල­ධා­රීන්ට දැනුම් නොදුන් බවට සහ චේත­නා­න්වි­ත­වම ඒ ලෝහ­මය බුදු පිළි­මයේ දකුණු බාහුව වෙන් කර, කන් පෙති කඩා ඉවත් කර හානි කළ බවට අධි­ක­ර­ණය හමුවේ…

කැලණි ගංදෑ­ලට නව නග­ර­යක් නිමැ­වී­මට රජයේ අව­ධා­නය – ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක

ගංව­තුර ඇති වීම වැළැ­ක්වීම සඳහා නව වැඩ­පි­ළි­වෙ­ලක් ක්‍රියා­ත්මක කර­මින් කැලණි ගඟ දෙපස සිටින ජන­තාව වෙනු­වෙන් නව නග­ර­යක් නිර්මා­ණය කිරී­මට රජයේ අව­ධා­නය යොමුව තිබේ. මේ නව නග­රය නිර්මා­ණය සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවා­ස­ව­ලින් සම­න්විත සියලු පහ­සු­කම් සහිත නග­ර­යක් ඇති කිරී­මට සැල­සුම්…