ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වේ

ජාතික ජන බලවේගයේ පර්යේෂණ සහ සංවර්ධන (R&D) සඳහා වන විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය අද (29) එළිදක්වා තිබෙනවා.

මෙම එළිදැක්වීම සිදුකර ඇත්තේ අද පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති “Quantum Leap” ශ්‍රී ලාංකීය විද්‍යා​ඥ හමුවේදීයි.

මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා එක්සත් ජනපදයේ Houston විශ්ව විද්‍යාලයේ සහ MD Anderson පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇතුළු ලොව පුරා තම සේවය සලසන ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් රැසක් දායක වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විද්‍යා හා තාක්ෂණ දැනුම උකහා ගැනීම, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම සහ එය අධීක්ෂණය, නියාමනය හා පරිපාලනය සිදු විය යුතු ආකාරය ගැන මාර්ගෝපදේශයක් ලෙස මෙම ප්‍රතිපත්තිය එළිදක්වා ඇතිි බව සඳහන්.