ඇහැළියගොඩ නාය යෑමෙන් නිවාස අටක් යට වෙයි

– පවුල් 48ක් පාසලක රඳවයි
– පස් ගැටහැති ඔයට වැටී ගංවතුර අවදානමක්

ඇහැළියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ ඊයේ (27) දහවල් සිදුවූ විශාල නාය යෑමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මෙම නාය යෑම සිදුවූ ප්‍රදේශයේ උදෑසන සිටම නාය යෑම් ලක්ෂණ පෙන්වූ බැවින් එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 48ක පුද්ගලයන් 153 දෙනකු එම ස්ථානයෙන් ඉවත් කර උඩුවක විද්‍යාර්ථ විද්‍යාලයේ රඳවා සහන කටයුතු සලසන බව ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. දිල්රුක් මහතා පැවසීය.

අදාළ නාය යෑමෙන් ඊට පහළින් ගලා බසිනා ගැටහැති ඔය සම්පූර්ණයෙන්ම හරස් වීම නිසාවෙන් අදාළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි ඒ මහතා පවසයි.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි