රනිල්ගේ සුබ ආරංචියට හර්ෂ සතුටින්: අපි කුහකයෝ නෙමෙයි මේක විවේචනය කරන්න

චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු අනෙක් රටවල් වන නිල ණය හිමියන් සමග එකඟතාවයට ඒම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙය විවේචනය කිරීමට තමන් කුහකයෙක් නොවන බවයි.

රටේ මිනිසුන්ට යහපත් දෙයක් සිදුවේනම් පැත්තෙන් පැත්තට බෙදී ශ්‍රී ලංකා මාතාවගේ අතපය කැඩීමට සූදානම් නොමැති බවත් හුදෙක් කෙටි කාලීන දේශපාලනය කරන්නේ නම් රටට කුමක් වුවත් සිතා මෙය විවේචනය කල හැකි බවත් නමුත් තමන් එසේ සිදුකරන්නේ නැති බවත් ඔහු පවසනවා.

මෙරට අවුරුදු 75ක් පුරාවට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගාගෙන ඇති බවත් එම නිසා මෙම නිල ණය හිමියන් සම්බන්ධව එකඟතාවයට පැමිණීම පිලිබඳ තමන් සතුටු වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.