ටෝකියෝ මුහුදු සීමා­වෙන් දුර්ලභ ලෝහ ටොන් මිලි­යන 234ක් හමුවෙයි

ජපා­නයේ  ටෝකියෝ නුවර මින­මි­ටෝ­රි­ෂිමා දූපත ආස­න්නයේ මුහුදු තීර­යෙන් දුර්ලභ ලෝහ  මෙට්‍රික් ටොන් මිලි­යන 234ක් හමු වී ඇතැයි ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලය සහ නිපොන්  පද­නම නිවේ­ද­නය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  රාජ්‍ය නොවන සංවි­ධා­න­යක්  වන නිපොන් පද­නම සහ ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලය ඒකා­බ­ද්ධව සිදු කළ පර්යේ­ෂ­ණ­ය­කින් එම  ලෝහ වර්ගය ටෝකියෝ මුහුදු සීමාවේ මීටර් පන්ද­හ­සක් පමණ ගැඹුරු ප්‍රදේ­ශ­යක  පව­තින බව සොයා ගෙන තිබේ.

එම ලෝහ වර්ගයේ ලිති­යම් බැටරි නිෂ්පා­ද­න­යට අවශ්‍ය කොබෝල්ට් සහ නිකල් මූල­ද්‍රව්‍ය සංඝ­ටක අඩංගු බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. පර්යේ­ෂණ  කණ්ඩා­යමේ ප්‍රධා­නියා වන ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය යසු­හිරෝ කාටෝගේ  ඇස්ත­මේ­න්තු­වට අනුව වර්ග කිලෝ­මී­ටර් 100ක ප්‍රදේ­ශය පුරා එම ලෝහ මෙට්‍රික්  ටොන් මිලි­යන 234ක් ඇති අතර, එහි ඇති නිකල් ප්‍රමා­ණය ජපා­න­යට වසර 75ක් කාල­ය­කට  පාවිච්චි කළ හැකි බවත්, කොබෝල්ට් ප්‍රමා­ණය වසර 11ක කාල­ය­කට ප්‍රමා­ණ­වත් බවත්  මහා­චා­ර්ය­ව­රයා ප්‍රකාශ කර තිබේ.