බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩයක්

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ මූල්‍ය ආයතන සඳහා පරිපාලන දණ්ඩන පැනවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙකකට දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පසුගිය ජනවාරි 1 දා සිට අප්‍රේල් 30 දින දක්වා වූ කාලපරිච්ඡේදනය තුළ එකතු කරගන්නා ලද සමස්ථ දඩ මුදල රුපියල් මිලියන තුනක් බවයි මහ බැංකුව පවසන්නේ.

එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බවත් මහ බැංකුව පවසනවා.

මෙලස දඩ නියම වී ඇත්තේ DFCC බැංකුව සහ සම්පත් බැංකුවට වන අතර එය පිලිවෙලින් රුපියල් මිලියනයක් සහ මිලියන දෙකකි.