ජපානයේ ටෝකියෝ නුවර මිනමිටෝරිෂිමා දූපත ආසන්නයේ මුහුදු තීරයෙන් දුර්ලභ ලෝහ මෙට්‍රික් ටොන් මිලියන 234ක් හමු වී ඇතැයි ටෝකියෝ විශ්වවිද්‍යාලය සහ නිපොන් පදනම නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍ය නොවන සංවිධානයක් වන නිපොන් පදනම සහ ටෝකියෝ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදු කළ පර්යේෂණයකින් එම ලෝහ වර්ගය ටෝකියෝ මුහුදු සීමාවේ මීටර් පන්දහසක් පමණ ගැඹුරු ප්‍රදේශයක පවතින බව සොයා ගෙන තිබේ.
එම ලෝහ වර්ගයේ ලිතියම් බැටරි නිෂ්පාදනයට අවශ්‍ය කොබෝල්ට් සහ නිකල් මූලද්‍රව්‍ය සංඝටක අඩංගු බව ද වැඩිදුරටත් වාර්තා වේ. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යසුහිරෝ කාටෝගේ ඇස්තමේන්තුවට අනුව වර්ග කිලෝමීටර් 100ක ප්‍රදේශය පුරා එම ලෝහ මෙට්‍රික් ටොන් මිලියන 234ක් ඇති අතර, එහි ඇති නිකල් ප්‍රමාණය ජපානයට වසර 75ක් කාලයකට පාවිච්චි කළ හැකි බවත්, කොබෝල්ට් ප්‍රමාණය වසර 11ක කාලයකට ප්‍රමාණවත් බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබේ.