කෙන්යාවේ පාර්ලි­මේ­න්තුව යුද පිටි­යක් වෙයි

පොලිස් ප්‍රහා­ර­යෙන් විරෝ­ධ­තා­ක­රුවෝ 7ක් මරුට

දැඩි ජනතා විරෝ­ධය මැද ආන්දෝ­ල­න­යට තුඩු දුන් මුදල් පනත කෙන්යාවේ පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගි­යදා සම්මත කර ගැනීම හේතු­වෙන් කෝප­යට පත් ජන­තාව නයි­රෝබි අග­නු­වර පිහිටි පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ල වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එරට පාර්ලි­මේන්තු භූමි­යට කඩා වැදුණු දහස් සංඛ්‍යාත කෙන්යානු ජන­තාව එම ගොඩ­නැ­ඟිල්ලේ කොට­ස­කට ගිනි තබා ඇතැයි ද, පාර්ලි­මේ­න්තුව තුළට කඩා වැදී දැඩි අලාභ හානි සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පාන් ගෙඩි­ය­ටත් 16% ක බද්දක් පැන­වීම ඇතුළු ජන­තාව දුෂ්ක­රතා රැස­කට පත් කරන බදු සංශෝ­ධන රැසක් ඇතු­ළත් මුදල් පනත සම්මත වීමෙන් කුපිත වූ කෙන්යානු ජන­තාව පාල­නය කිරී­මට එරට පොලි­සිය සහ හමු­දාව ජීව උණ්ඩ යොදා ගනි­මින් විවෘත වෙඩි තැබී­මක් සිදු කර ඇති අතර, විරෝ­ධ­තා­ක­රු­වන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. තවත් 40කට ආසන්න පිරි­සක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

කෝප­යට පත් ජන­තාව පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟි­ල්ලට කඩා වැදී­මත් සමඟ එහි සිටි මැති­ඇ­ම­ති­වරු හිස් ලූ ලූ අත දිව ගිය බවත්, පොලි­සිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහා­ර­ව­ලින් මුළු පාර්ලි­මේ­න්තු­වම දුමෙන් නැහැ වී එකම යුද පිටි­යක් බවට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. පාර්ලි­මේ­න්තු­වට කඩා වැදුණු ජන­තාව එහි මුළු­තැ­න්ගෙයි තිබූ ආහාර පාන භූක්ති විඳින අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය­ජා­ලයේ සංස­ර­ණය වෙමින් පවතී.