බඹර ප්‍රහාරයක් නිසා මුතූර් හි ළමුන් 30ක් රෝහල් ගත කෙරේ

මුතූර් පොලිස් වසමේ මුතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරය​කට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති අත​ර එහිදී පාසලට යාබද නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එ​ම සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සිදුවීමෙන් සිසුන් 22 ක්, සිසුවියන් 8 දෙනෙක් මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.