ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් මෙරටට අමතර කොටස් තොගයක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායට අයත් සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් ලබාදීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් Sachet නෞකාව කොළඹට පැමිණ තිබෙනවා.

ඉන්දීය රජය විසින් ප්‍රදානයක් ලෙස මෙම අමතර කොටස් තොගය  ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විධිමත් භාරදීමේ උත්සවයක් පැවැත්වුනු අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා නාවික හමුදාපති, සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වුනා.