රූපවාහිනී නාළිකාවක ලිට්ල් ස්ටාර් තරගයක ජයග්රාහිකාවක් පිළිගැනීමට තලාතුඔය නගරයේ පෙරේදා (18) පැවති උත්සවයකදී රථ පෙළපාළියේ ගිය ත්‍රිරෝද රථ දෙකක් රෝද දෙකෙන් ගමන් කරමින් සංදර්ශන පෑම හේතු කොටගෙන එම ත්‍රිරෝද රථවල රියැදුරන් අපරීක්ෂාකාරිව රිය පැදවීමේ චෝදනාව යටතේ තලාතුඔය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලිට්ල් ස්ටාර් ජයග්රාහිකාව තලාතුඔය නගරයේ සිට අංකෙලිපිටිය දක්වා රිය පෙරහරකින් රැගෙන යන අතර නගරය මැද පාර දෙපස ජනතාව රැස්වී බලා සිටියදී එම ත්‍රිරෝද රථ මෙසේ රෝද දෙකෙන් සංදර්ශන පවත්වා තිබේ.
ත්‍රිරෝද රථ රියැදුරන් ඉතාමත් අපරික්ෂාකාරී ලෙස මෙලෙස ධාවනය කිරීම නිසා අවට සිටි ජනතාව ඒ බව තලාතුඔය පොලිසියට දුරකතන ඇමතුම් පවා ලබා දෙමින් දැනුම්වත්කර ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත අප්පුහාමි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරින් විසින් අදාළ ත්‍රිරෝද රථ දෙකේ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහනුවර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(ගලහ – සී.කේ. වික්‍රම)