මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවක

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය සහ විදේශීය භික්ෂූන් වහන්සේලා පනස් නමක් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කිරීම ඊයේ (20) උදෑසන සිදු විය. පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ල අසලින් පිණ්ඩපාත චාරිකාව ආරම්භ වී හෝමාගම නගරයෙන් අවසන් විය. එම අවස්ථාවේදී විදේශීය භික්ෂූන් පිණ්ඩපාතය සිදු කළ ආකාරය ඡායාරූපවලින් දැක්වේ.

ඡායා/ මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි