පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන විමර්ශනයට අධිකරණයෙන් නියෝග

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට එම කොට්ඨාසයේ ”සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය” කරුණු දක්වා තිබෙනවා.

එහිදී විමර්ශන නිලධාරීන් පැවසුවේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු 8ක ඇය ගිණුම් 19ක් පවත්වාගෙන යන බවත් ඒ අනුව අදාළ ගිණුම්වල වාර්තා කැඳවීමට අධිකරණය විමර්ශන නිලධාරීන්ට අවසර ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.