චීන සමූ­හාණ්ඩු ජාතික ආර­ක්ෂක සර­ස­වියේ නිල­ධා­රීන් පිරි­සක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක

මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක නිර­තවී තිබේ.

මෙරට අධ්‍ය­යන සංචා­ර­යක නිරත වන මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ මාණ්ඩ­ලික පාඨ­මා­ලාව හදා­රන රියර් අද්මි­රාල් Hu Gangfeng මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් නිල­ධාරී කණ්ඩා­ය­මක් පෙරේදා (18) නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක නිර­තවී තිබේ. එහිදී එම නිල­ධාරී කණ්ඩා­යම් ප්‍රධානී සහ නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමු­වක් නාවික හමුදා මුල­ස්ථා­න­යේදී සිදු කෙරිණි.

මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය නිල­ධා­රීන් 41 දෙන­කු­ගෙන් සම­න්විත මේ නිල­ධාරී කණ්ඩා­යම ඊයේ (19) දක්වා මෙරට අධ්‍ය­යන සංචා­රයේ නිරත විය.

ඒ අනුව මේ නිල­ධාරී කණ්ඩා­යම් ප්‍රධානී Rear Admiral Hu Gangfeng විසින් නාවික හමුදා මූල­ස්ථා­න­යේදී නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළි­ස­ඳ­රක නිර­ත­වී­මෙන් අන­තු­රුව එම අව­ස්ථාව සනි­ටු­හන් කර­මින් දෙපා­ර්ශ්වය අතර සමරු තිළිණ හුව­මා­රු­වක් ද සිදු කෙරිණි.