මිහින්තලා අනුලා රහත් තෙරණි ස්ථූපයෙන් හමු වූ පුරාවස්තු හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය

මිහින්තලා අනුලා රහත් තෙරණි ස්ථූපයෙන් හමු වූ පුරාවස්තු හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අනුලා පොසොන් කලාපය ජුනි මස  21,22,23 යන තෙදින තුළ පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අනුරාධපුර, සිංහ කණුව අසල, ප්‍රාදේශීය පුරාවිද්‍යා පරිශ්‍රයේ  දී පැවැත්වේ.

පුරාවස්තු ප්‍රදර්ශනය, අධ්‍යාපනික කුටි,බොදු බැති ගී, දර්ශනීය පහන් කූඩු හා පැමිණෙන සියලු දෙනාට සංග්‍රහ කෙරෙන දන්සැල් ද මෙම පොසොන් කලාපයට අන්තර්ගතය.නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති බොදාගම චන්දිම හිමියන්ගේ අනුශාසකත්වය යටතේ මෙම පොසොන් කලාපය ක්‍රියාත්මක වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ  එක්ව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය මෙම පොසොන් කලාපය සංවිධානය කරයි.

මෙම පොසොන් කලාපයට පැමිණෙන ලෙස  ලක්වාසී සියලුදනන්ට මෙයින් ඇරයුම් කර සිටියි.