දුම්රිය වර්ජනය අදත් – එන්ජින් රියදුරන්

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව කාර්යාල දිනය වන අද දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ.

දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වැඩවර්ජනය ආරම්භ කළා.