දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරන් පිරිසක් අරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අද(09)තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඒ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක සඳහන් කළේ, මෙතෙක් සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සාකච්ඡාවක් ලබාදී නොමැති බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත දුම්රිය ගමන් වාර 6 ක් අවලංගු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ගත වූ දින දෙක තුළ අවලංගු වූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව, 155 කි.