ඇමරිකානු ටීචර්ට මොන­රා­ගල බසයේදී අතවර කළ අය හසුවේ

මොන­රා­ගල බස් නැව­තු­ම්පොළේ බස් රථ­ය­කදී අමෙ­රි­කානු ජාතික 30 හැවි­රිදි කාන්තා­ව­කට අත­වර කළ සැක­ක­රු­වකු ඉකුත් ‍ දා (06) මොන­රා­ගල පොලි­සිය මඟින් බුද්ධි නිල­ධා­රීන්ගේ සහාය ඇතිව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.


අත­ව­ර­යට පත්වූ කාන්තාව බිබිල අධ්‍යා­පන කලා­පයේ පාස­ලක ස්වේච්ඡා ගුරු­ව­රි­යක ලෙස සේවය කරයි. ඇය සේවා ස්ථාන­යට යෑමට මොන­රා­ගල බස් නැව­තු­ම්පොළේ බස් රථ­යක සිටි­යදී බස් රථ පිරි­සිදු කරන සේව­ක­යකු විසින් ඇයගේ ඇඟ­පත අතගා අත­වර සිදු කර තිබිණ.

සැක­කරු 15 කණුව කීණ­ගො­ඩ­පාර බකි­නි­ග­හ­වෙල පදිංචි 33 හැවි­රිදි පුද්ග­ල­යෙකි. සැක­කරු ඊයේ (07) මොන­රා­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටු­ව­කට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

මොන­රා­ගල මූල­ස්ථාන පො.ප.පී.එස්. චාමින්ද සංජීව මහ­තාගේ උප­දෙස් පිට ළමා හා කාන්තා කාර්යාං­ශයේ කාන්තා ප්‍ර.පො.ප. ගමගේ මහ­ත්මිය සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වයි.

 ඌව – ඩී.එස්. ගුණ­ති­ලක