තමන් එකවර විවාද දෙකකට දින දෙකක් යොදා ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
නමුත් එක විවාදයකට පැමිණ අනෙක් විවාදයට නොපැමිණ සිටිය නොහැකි බවයි ඊයේ (07) පාසලක පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.
බංකොලොත් වී ඇති රට ගොඩ ගත හැකි ආර්ථික සැලැස්ම රටේ ජනතාව දැනගත යුතු බැවින්, ආර්ථික විවාදයකට සහ නායකත්ව විවාදයකට දින දෙකක් යොදා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නා.
සමාජවාදී නායකයා ආර්ථික විවාදය නොකර හොරු රකින පාලකයාගේ නාලිකාවට පැමිණ ඕනෑම දෙයක් කීමට සටකපට ඩීල් දමා ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.