ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය මේ වන විට ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්න ඇති බවත්, එහිදී ශීඝ්‍ර ආර්ථික වර්ධනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැඟීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැකගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, බාහිර වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂාවකින් පසු වන බව සඳහන් කර ඇති ඒ මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 දා රැස්වීමට නියමිත අතර එහිදී දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද පවසා තිබේ. “මේ වන විට බලධාරීන් විසින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් සහ චීන එක්සිම් බැංකුව සමඟ අවසන් එකඟතාවක් ඇති කරගැනීම සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ සාකච්ඡාවලට අවතීර්ණ වීම තිබීම ඉතා වැදගත්. ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා ඉක්මනින් ගිවිසුම්වලට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා දිගටම මේ වන විට පැවැත්වෙනවා. චීන සංවර්ධන බැංකුව සමඟ පැවැත්වෙන සාකච්ඡා ඉදිරි අදියරකට මේ වන විට පැමිණ තිබෙනවා.
වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවක් තිබෙනවා. මේ වාතාවරණය තුළ සමස්තයක් වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවට අපට තක්සේරු කරන්න පුළුවන්,” ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර, ජාත්‍යන්තර ණය දෙන නියෝජිතායතනය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ IMF IV වගන්තිය 2024 අවසන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දෙවැනි සමාලෝචනය සහ IV වැනි වගන්තිය පිළිබඳ උපදේශනය පිළිබඳ සාකච්ඡා කිරීමට 12 දා IMF විධායක මණ්ඩලය රැස් වන අතර, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය පල දැරීමට පටන් ගෙන ඇත. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ මීළඟ පියවර බාහිර වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කිරීම සහ නිල ණයහිමියන් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වන අතර, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම බොහෝ දුරට සම්පූර්ණ කර තිබේ. ඊට අමතරව ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අඛණ්ඩව සිදු වෙමින් පවතින බවද ඇය පවසා ඇත.