කැලණි ගංදෑ­ලට නව නග­ර­යක් නිමැ­වී­මට රජයේ අව­ධා­නය – ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක

ගංව­තුර ඇති වීම වැළැ­ක්වීම සඳහා නව වැඩ­පි­ළි­වෙ­ලක් ක්‍රියා­ත්මක කර­මින් කැලණි ගඟ දෙපස සිටින ජන­තාව වෙනු­වෙන් නව නග­ර­යක් නිර්මා­ණය කිරී­මට රජයේ අව­ධා­නය යොමුව තිබේ.

මේ නව නග­රය නිර්මා­ණය සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවා­ස­ව­ලින් සම­න්විත සියලු පහ­සු­කම් සහිත නග­ර­යක් ඇති කිරී­මට සැල­සුම් කර තිබෙන අතර අන­ව­සර ඉදි­කි­රීම්, ඉඩම් ගොඩ කිරීම් වැනි කරුණු මෙවැනි ගංව­තුර තත්ත්ව­යන් ඇති­වී­මට හේතු වී ඇති බව අනා­ව­ර­ණය වෙමින් තිබෙන බවද එනිසා ගංව­තුර පාල­නය කිරීම සඳහා අන­ව­සර ඉදි­කි­රීම් සහ ඉඩම් ගොඩ­කි­රීම් නැවැ­ත්වී­මට කැබි­නට් ඇනු­මැ­තිය ගැනී­මට බලා­පො­රොත්තු වන බවද ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නා­යක මහතා පැව­සීය.

සාගල රත්නා­යක මහතා මේ බව සඳ­හන් කළේ අය­හ­පත් කාළ­ගුණ තත්ත්වය හේතු­වෙන් විප­තට පත් කොළො­න්නාව ප්‍රදේ­ශයේ ජන­තා­වගේ සුව දුක් සොයා බැලීමේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට ඊයේ (7) එක් වෙමිනි. ගං වතු­රෙන් විනාශ වු ප්‍රදේ­ශයේ නිවාස දැක බලා ගැනී­ම­ටද එක් වූ සාගල රත්නා­යක මහතා විප­තට පත් ජන­තාව වෙනු­වෙන් කොළො­න්නාව ශ්‍රී සම්බු­ද්ධ­රාජ පුරාණ විහා­රයේ පැවති වෛද්‍ය සාය­නය වෙත ද ගොස් එම කට­යුතු නිරි­ක්ෂ­ණය කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රේම­නාත් සී. දොළ­වත්ත, ජනා­ධි­පති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජන­රාල් සමන් රත්න­ප්‍රිය මහ­ත්ව­රුන් සහ කොළො­න්නාව ප්‍රාදේ­ශීය සභාවේ හිටපු මන්ත්‍රී­ව­රුන් ඇතුළු දේශ­පා­ලන නියෝ­ජි­තයෝ සහ රාජ්‍ය නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.