ස්වාධීන ආයතනයක් මැදිහත්වන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් නායක තුමාත් එනවා – නලින් බණ්ඩා​ර

ස්වාධීන ස්ථානයක ස්වාධීන පිරිසක් සම​ඟ විවාද කිරීමට තම ආර්ථික කමිටුව සහ පක්ෂ නායකත්වය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

සුදර්මන් රදළියගොඩ යනු යකඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සහ ප්‍රවෘත්ති නිවේදිකාවකට සිදුවූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙක් බ​වයි ඔහු අද (07) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.

“ඌරු නාම්බෙක්” සමඟ විවාද කිරීමට ඊයේ තම නායකත්වය “මඩ වගුරකට” නොගිය බවද, එනමුත් මෙරට ස්වාධීන ආයතනයක් මැදිහත්වන ඕනෑම විවාදයකට තම ආර්ථික කමිටුව සහ නායක සජිත් ප්‍රේමදාස පැමිණිමට සූදානම් බවද ඔහු සඳහන් කළා.