මහින්දානන්ද සමඟ ඇති වූ ගැටුමකින් පසු ගුණතිලක රාජපක්ෂ රෝහල්ගත කෙරේ

ඊයේ (03) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර එහිදී ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

පසු​ව රැස්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර යළිත් ​වරක් බහින්බස් වීමක් සිදුවී ගැටුමක් හටගෙන ඇති අතර පසුව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරන්නේ, ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවයි.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සඳහන් කරන්නේ අදාළ රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට පහ​රදුන් බවයි.