ඔන්ලයින් ක්‍රිප්ටෝ මුදල් Cryptocurrency ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කමක් – මහ බැංකු අධිපති

ඇතැම් වෙළඳපලවල Cryptocurrency වත්කම් පන්තියක් ලෙස හඳුනාගෙන තිබුණද, එය ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කමක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එබැවින් ප්‍රශ්නය වන්නේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැති, ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කම්වල ආයෝජනය කිරීමට මහජනතාවට අවශ්‍යද යන්න බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවැනි ස්ථායී නොවන වත්කමක ආයෝජනය කිරීම සඳහා ජනතාවට විශ්වාසයක් ඇති කිරීමට නම්, ඒ සඳහා නිසි ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් තිබිය යුතු බව ඔහු සඳහන් කරනවා.

අනවසර තැන්පතුවල ආයෝජනය කිරීම මහ බැංකුව විසින් අධෛර්යමත් කිරීමට හේතුව එය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.