Diamond League තරගයේදී යුපුන්ට විශිෂ්ට ජයක්

ස්වීඩනයේ ස්ටොක්හෝම් හීදි පැවැත්වෙන Diamond League තරග මාලාවේ 7 වැනි අදිරේදී මීටර් 100 දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේ දී පළමු ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකොන් සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු තරගය තප්පර 10.22 කින් අවසන් කිරීමට සමත් වූ බවයි සඳහන් වන්නේ.

මෙම ජයග්‍රහණයත් සමඟ යුපුන් අබේකොන්ට ස්ටොක්හෝම් අදියරේ මීටර් 100 අවසන් තරගයේ තරග වැදීමේ අවස්තාවද හිමිව තිබෙනවා.